අනාගත ලෝකයේ Search Engine එක OpenAI Chat GPT ?

දිමුතු චතුරංග ජිනසේන |

ලෝකයේ හැමෝම කතාකරන මාතෘකාවක් බවට පත්වෙලා තියෙන්නේ AI (Artificial Intelligence) එහෙමත් නැත්නම් කෘතිම බුද්ධිය. පසුගිය දශක කිහිපය තුළ කෘතිම බුද්ධිය පිළිබඳ විවිධ පුද්ගලයන් නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතර ජෝන් මැකාති 2004 වසරේ එය බුද්ධිමත් යන්ත්‍ර සැකසීමේ විද්‍යාවක් බවත් මානව බුද්ධිය අවබෝධ කර ගැනිම සඳහා පරිගණක භාවිත කිරීමේ කාර්යයක් ලෙසත් දක්වලා තියෙනවා. කෙසේවෙතත් මෙම නිර්වචනයට දශක කිහිපයකට පෙර කෘතිම බුද්ධි සංවාදයේ උපත 1950 වසරේ දී  Alan Turing විසින් රචනා කරන Computing Machinery and Intelligence කෘතියේ ද දක්වලා තියෙනවා. ඔහු එහි දී ප්‍රශ්නයක් අහනවා. යන්ත්‍ර වලට සිතිය හැකිය ද?  එතැන් සිට ඔහු පරික්ෂණයක් ඉදිරිපත් කරනවා. එය “Turing Test” ලෙස හදුන්වනවා. එහිදී මානව ප්‍රශ්න කරන්නෙකු පරිගණකයක් සහ මානව පෙළ ප්‍රතිචාරයක් අතර වෙනස හඳුනා ගැනීමට උත්සාහ කරනවා. එය ප්‍රකාශයට පත් කළ දා සිට බොහෝ පරීක්ෂාවන්ට ලක් වී ඇති අතර, එය AI හි ඉතිහාසයේ වැදගත් කොටසක් මෙන්ම වාග් විද්‍යාව පිළිබඳ අදහස් භාවිත කරන බැවින් දර්ශනය තුළ පවතින සංකල්පයක් ලෙස පවතිනවා. ඊට පසුව පිළිවෙලින් 1956, 1967, 1980, 1997, 2011, 2015, 2016 යන වසර වල දී විවිධ විද්වතුන් මේ පිළිබඳ තම අදහස ඉදිරිපත් කරලා තියෙනවා. තවත් විවිධ විෂය ක්ෂෙත්‍ර ගණනාවකට සම්බන්ධ කරලා පරීක්ෂණ රාශියක් මේ ගැන සිදු කරමින් පවතිනවා.


මේ AI කියලා අපි සරලව කතා කළාට ලෝකයේ සිදුවන පුදුම අතර පුදුමයක්. මේක ගොඩක් අය කරන්නට උත්සහ කලාට කාටවත් හරියට කරගන්නට නම් බැරි වුණා. ඒ උත්සහයන්වල අලුත්ම ප්‍රතිඵලය තමයි OpenAI Chat GPT කියන්නේ. අපි හැමෝම දන්නවනේ අද වෙනකොට ලෝකය ම කලඹන මාතෘකාවක් බවට මේ chatbot එක පත්වෙලා ඉවරයි කියලා. ඒකට ප්‍රධාන හේතුවක් ලෙස මුල් කාලිනව කල අත්හදා බැලීම් වලට වඩා මෙම Chatbot එකේ සාර්ථකත්වයයි. මෙය සමාජගත කර තෙමසක් තුළ පරිශීලකයන් මිලියන සියයත් පසු කිරීමට සමත් වෙනවා.

මෙම OpenAI Chat GPT chatbot එක පසුගිය මාර්තු 14 වැනිදා ප්‍රසිද්ධියේ නිකුත් කෙරුණා. එයට මූලීකත්වය ගනු ලැබුවේ Open AI සමාගමයි . Open AI හි GPT 3.5  සහ GPT 4 විශාල භාෂා අකෘති මත ගොඩනගා තිබෙනවා. අධීක්ෂණය කිරීම සහ බලය වැඩි කිරීමේ ඉගෙනුම් ක්‍රම දෙකම භාවිත කරලා තියෙනවා.

Chat GPT මුල් නිකුත් කිරීම 2022 නොවැම්බර් 30 සිදු කරනවා. එය GPT 3.5 මත පදනම්ව තමයි තිබුණේ. නමුත් නවතම Open AI මාදිලිය GPT 4 මත පදනම්ව 2023 මාර්තු 14 නිකුත් කළා. එය මුල් ඉදිරිපත් කිරිමට වඩා පරිශිලකයා හා AI සහයකයා අතර වඩාත් ඉහළ ගුණයෙන් යුතු සංවාදයක් ගොඩනැංවීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඕනෑම ප්‍රශ්නයක් ඇසීමේ හැකියාව හා කෙනෙකු සමග සංවාදශිලි අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව සකසා තියෙනවා. සරලව කියතොත් අපට තියන ගැටලුවලට විසදුම් OpenAI Chatbot  එක මගින් ඉදිරිපත් කරනවා. මෙය එක් අවස්ථාවක OpenAI සමාගමේ ආරම්භක සමාජිකයෙක් වන ඉලොන් මස්ක්ගේ ට්විටර් පණිවුඩයට අනුව මෙම පද්ධතිය ට්විටර් වෙත ප්‍රවේශ විෙමන් ද දත්ත ලබාගෙන ඇති බව දක්වා තිබෙනවා. නමුත් එය මේ වන විට නවතා තිබෙන බව ඔහු එහි තවදුරටත් දක්වනවා.

OpenAI Chatbot එක අත්හදා බැලූ බොහෝ දෙනා එයින් විමතියට පත්ව තියෙනවා. එයට හේතුව ලෙස එහි ඇති සාර්ථක බුද්ධි කියවනය දක්වන්න පුලුවන්. මෙහි ප්‍රශ්නවලට පිළිතුරු දීම, වැරදි පිළිගැනිම, වැරදි තර්කයන්ට අභියෝග කිරිම, නුසුදුසු ඉල්ලීම් ප්‍රතික්​ෂේප කිරීම මෙහි ඇති කෘතිම බුද්ධියේ සුවිශේෂීත්වයයි. නමුත් ඇතැම් අවස්ථාවල දුර්වල පිළිතුරු ලබා දිම් නැත්තේද නොවේ. උදාහරණයක් ලෙස මම මේ ලිපිය ලියන අවස්ථාවේදීත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා කවුරු දැයි ඇසූ විට මට පිළිතුර ලෙස ආවේ වර්තමාන ජනාධිපතිවරයාගේ නම නොව කලින් සිටි ජනාධිපතිවරයාගේ නමය. ඇතැම් තොරතුරු කියවීම් නිවැරදි ලෙස කියවීමට නොහැකිය. මේ දේවල් නිසාද කොහෙද ඉතාලිය හදිසියේම Chat GPT තහනම් කරනවා. එහෙමත් නැත්නම් තොරතුරු වලට ඇති වන අර්බුධය නිසාද දන්නේ නෑ. හැබැයි ගොඩක් රටවල් දැනටමත් මෙය පාවිච්චි කරනවා.

සමස්ථයක් ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් යොමු කරන අදහස් වලට සාර්ථක සහ ඉක්මන් පිළිතුරු ලබා දෙනු ලබනවා. උදාහරණයක් ලෙස චිත්‍රපට පිටපතක් ලියන්නට කියා ඉල්ලූ විට එයට අදාල පිටපත මොහොතකින් ඔබට පෙන්වනු ඇත. එය පුදුම සහගත ක්‍රියාවලියකි. පුද්ගලයෙකුට එම ක්‍රියාවලිය කිරීම කොපමණ නම් කාලයක් ගතවෙනවාද? වෙබ් අඩවියක් නිර්ම‍ාණය කරන්නට යැයි ඔබ ලියූ විට එයට අදාල වෙබ් පිටුව මොහොතකින් සකසා එයට අදාල සියල්ල පෙන්වනු ඇත. එයට ගතවන්නේ තප්පර කිහිපයක් පමණී.

සාමාන්‍යයෙන් අපි හැමෝම දෙයක් හොයන්න ඕන කියලා හිතුනම අන්තර්ජාලයෙන් තමා සේවීමට පුරුදුවෙලා ඉන්නේ. ඒ කියන්නේ Search Engine එකක් භාවිත කරලා තමයි හොයන්නේ. ඉතින් මේ Chatbot එකත් එක්තරා විදියක සෙවුම් මෙවලමක් කිව්වොත් නිවැරදියි. එකෙදිත් අපි කරන්නේ අපට ඕන දේ හොයන එක. නමුත් මේ දෙකේ වෙනසක් තියනවා. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ම සහ ලෝකයේ වැඩියෙන් ම භාවිත කරන සෙවුම් යන්ත්‍ර වලින් කරන්නේ අන්තර්ජාලයේ තියන වේබ් අඩවි වලින් තොරතුරු හොයලා දෙන එක. නමුත් මෙම සෙවුම් ක්‍රියාවලිය එහෙම නෙමෙයි, අපි ඉල්ලන දේට අනුව නිවැරදි භාවයෙන් ඉහල දත්තයක් ලබා දෙනවා. ඒ කියන්නේ අහන දේට උත්තර දෙනවා කියන එක. මම මුලින් කිව්වා වගේ යම් මාතෘකාවට කවියක් ලියලා දෙන්න කියලා කිව්වොත්, ලියලා දෙනවා. ඒ දේ Google ට කරන්න බෑ. Google ට ඒ ප්‍රශ්නය ම ඉදිරිපත් කළොත් අන්තර්ජාලයට එකතු කරලා තියන ඒ වචන වලට සමාන අන්තර්ගතයන් ඇති වෙබ් අඩවි හොයලා දෙනවා. ඒ කරන්නේ SEO පාවිච්චි කරලා හොයලා දෙන එක. මෙකෙදි එහෙම නෙමෙයි. මෙකෙදි සරලව කරන්නේ හරියට එහා පැත්තේ මනුස්සයෙක් ඉදලා අපි අහන දේට උත්තර දෙනවා වගේ එකක්. එය හරිම පුදුම සහගතයි නේද? ඔව්, ලෝකය ම ඒ පුදුමයෙන් පුදුමයට පත් වෙලා ඉන්නේ. ඒකනේ, කෙටි කාලෙකින් වැඩි පිරිසක් මේ Chatbot එක පාවිච්චි කරන්නේ.

හරි, එතකොට ඔයගොල්ලන්ට තව ප්‍රශ්නයක් ඇති මේ සෙවුම් ක්‍රමවේදය අවොත් අනිත් සෙවුම් සමාගම් වලට මොනවා වෙයිද කියන එක. අනිවාර්යෙන් එගොල්ලන්ට මෙය ලොකු ම ලොකු අභියෝගයක් වෙනවා. මොකද ලෝකයේ හැමෝම මේ AI Tool එක පාවිච්චි කරන්න පටන් ගන්නවා. එතකොට එක්කො එයාලට වෙනස්වෙන්න සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් සමාගම් වහන්න වෙනවා. මෙම Chat GPT Chatbot එක OpenAI ලා හදුන්වා දීමත් එක්ක අන්තර්ජාල සෙවුම් ක්‍රියාවලියේ බලවතා ලෙස සලකන Google ලා ඇත්තට ම බයවෙලා ඉන්නේ. කොච්චර බය වෙලා තියනවද කියලා කියනවා නම්  Code Red කියන තත්ත්වයට පත් කරනවා.

මේකේ තව කතාවක් තියනවා Google ලට අභියෝග කරමින් ඉන්න තව සමාගමක් තියනවා. ඒක තමයි Microsoft කියන්නේ. එයාලටත් තියනවනේ Search Engine එකක්. ඒ තමයි Bing. ඒ වගේම Google ලට chrome  තියනවා වගේ  Microsoft  ලට තියනවා edge කියලා Web Browser එකකුත්. හැබැයි මෙයාලට Google ලට වගේ භාවිත කරන්නන් වැඩි කර ගන්න බැරි වෙනවා. එකට හේතුව තමයි. ඒවගේ තියන ඇතැම් දුර්වලතාවයන්.

ඉතින් Microsoft සමාගම වේගයෙන් ජනප්‍රිය වන මේ OpenAi Chatbot එක අවස්ථාවක් කර ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ Search Engine විදියට මෙම Chat GPT 4 එක edge Search Engine එකට දාලා New Bing  විදියට 2023 පෙබරවාරි 07 වැනිදා හදුන්වලා දෙන එක. ඒ වුණාට OpenAI  සහ Microsoft සමාගම අතර සම්බන්ධය පටන් ගන්නේ 2019 දී, ඒ කියන්නේ මෙයාලගේ සම්බන්ධතාවය පටන් අරන් ගොඩ කාලයක්. ඒ කාලෙ ඉදලා OpenAI ලගේ සාර්ථකත්වයක් තිබුන නිසා Microsoft සමාගම ඩොලර් බිලියනයක් ආයෝජනය කරලා තිබුණා. ඒ වගේම මේ සම්බන්ධතාවය වැඩි කරන්න තවත් ඩොලර් බිලියන 10ක් ආයෝජනය කරන්නත් Microsoft ලා වැඩ කරමින් යනවා. ඉතින් ඒක නිසා ම Microsoft ලට පුලුවන් වෙලා තියනවා OpenAI ලගේ ලාභයෙන් 75% ට අයිතිය කියන්න. මේ ගැන මුලින්ම හදුන්වලා දෙනකොට Microsoft සමාගමේ CEO – Satya Nadella කියනවා Google ලව අගය කරනවා වගේම එයාලත් එක්ක මේ ගමන යන්න අරාධනා කරනවා කියලා. Bing පාවිච්චි කරලා සාමාන්‍ය සේවීම් කරලා දෙනවා වගේ ම මේකෙදී මේගොල්ලෝ අහන දේට සාරාංශ කරලා chat එකක් විදියට සටහනක් ඉදිරිපත් කරනවා. ඒ වගේම ඒ පෙන්වන ලද දත්ත වලින් තවත් පහසු ලෙස තෝරා වෙන් කර ඉදිරිපත් කිරීම ද කරනවා. උදාහරණයක් ලෙස මිළ දී ගැනිමට හොඳම ස්මාර්ට් ජංග​ම​දුරකථන මොනවද යන්න Bing මගින් සොයා දෙන ගමන් එයට අදාල සාරාංශගත විශ්ලේෂණයක් දකුණු පසින් පෙන්වනවා. එයිනුත් තමන්ට අවශ්‍ය පහසුකම් දැක්වූ විට ඒ අතුරිනුත් තෝරා වෙන් කර පෙන්වනවා. මේ අකාරයට Microsoft ල​ට SEO සහ AI භාවිත කරමින් තම Search Engine එක අද වන විට දියත් කිරීමට හැකි වී තියනවා. ඒ වගේම එයාලගේ edge Search Engine එකට New Bing එකතු කරලා තියනවා. උදාහරණයක් ලෙස අපි අන්තර්ජාලයට ගිහින් තොරතුරු ඇතුලත් PDF එකක් කියවනවා කියලා හිතමු. එකේ තොරතුරු තේරැම් ගන්න නම් අපට එය සම්පූර්ණයෙන් ම කියවන්න වෙනවා. නමුත් දැන් එහෙම අවශ්‍ය නෑ. මොකද  ඒ අදාල PDF එක ඉදිරිපත් කරලා මෙය සාරාංශගත කරලා දෙන්න කියලා New Bing Chat මත ලියූ විට එය මොහොතකින් සාරංශගත කර අවශ්‍ය තොරතුරු පමණක් පෙන්වනවා.

මේකත් එක්කම ලෝකයේ කතාවෙන තවත් මාතෘකාවක් තමයි මානව රැකියාවන්ට දැඩි අර්බුධයක් මෙම AI chatbot එක වෙයි ද කියන එක. ඒකට හේතුව තමයි විශාල පිරිසක් කරන වැඩ සියල්ල එක් පරිගණකයක් මගින් සිදු කර දීම. මේ නිසාම යම්කිසි අකාරයට ලෝකයේ ම රැකියාවන්හි ගැටලුකාරි තත්ත්වයක් අනාගතයේ දී ඇති වේවි. ඒවගේම මිනිසුන්ගේ චින්තනය ද යම්කිසි ලෙසකින් අඩු වෙන්නට පුලුවන්. ඉතින් මේ Open Ai Chat GPT 4 chatbot එක ලෝකයට වාසි සහගත දේ බොහෝමයක් දෙනවා වගේම අවාසිද බොහෝමයක් තියනවා. ෙම්කත් එක්ක දිනෙන් දින වෙනස්වන තාක්ෂණයේ අලුත් අත්දැකීම් රාශියක් ඉදිරියේදී බලපොරොත්තු වෙන්නට පුලුවන්. ඉතින් අපටත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ වෙනසට පුරුදු වෙන්නට සිදු වේවි.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *