කවුරුත් කරන SEO

චලනි කරුණාතිලක |

යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට පෙර සිට එම භාණ්ඩය හෝ සේවාව විකිණීමටත් පසු ක්‍රියාත්මක වන්නා වු සමස්ත ක්‍රියාවලිය අලෙවිකරණයයි- මෙකී ක්‍රියාවලිය පාරිභෝගිකයාගෙන් පටන් ගෙන පරිභෝගිකයාගෙන්ම අවසන් වන ක්‍රියාවලියක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්- තවත් විදිහකට කියනවා නම් නිෂ්පාදිතයක් නිර්මාණය කර පාරිභෝගිකයාට පිළිගැන්වීම තෙක් සමස්ත ක්‍රියාවලිය කියලත් හඳුන්වන්න පුළුවන්- එකී සමස්ත ක්‍රියාවලිය හඳුනාගැනීම අලෙවිකරණයේ වැදගත් අංගයකි-

මොකද්ද මේ Digital Marketing කියන්නේ ?

ලෝකයේ බොහෝ රටවල් අන්තර්ජාල පහසුකම් භාවිතයෙන් තම අලෙවිකරණ කටයුතුවලට නැඹුරුවීම දිනෙන් දින ඉහළ යයි. ශ්‍රී ලංකාවද පසුගිය වසර කිහිපයක කාලයක සිට මෙම ක්ෂේත්‍රය කෙරෙහි තම අවධානය යොමු කර ඇත. ලාංකික සංචාරක හෝටල් ක්ෂේත්‍රය, සංචාරක කර්මාන්තය මෙන්ම වෙළද ප්‍රජාව ද තම භාණ්ඩ හා සේවාවන් අලෙවි කරගැනීමේ පහසු මගක් ලෙස දැන් දැන් ඩිජිටල් අලෙවිකරණය වෙත යුහුසුලු වේ. එමෙන්ම දේශපාලන පක්ෂ, රාජ්‍ය සමාගම්, සමාජ සහයෝගිතා කණ්ඩායම් මේ කෙරෙහි අවධානය යොමු කර ඇති බව අපි කාටත් නොරහසකි. අන්තර්ජාල වෙළඳාම පුළුල් පරාසයක් ඔස්සේ දිවෙයි. ඩිජිටල් අලෙවිකරණය (Digital Marketing), විද්‍යුත් වෙළෙඳකරණය (e-commerce) ලෙසද අන්තර්ජාල අලෙවිකරණය හඳුන්වයි. මෙය එකවරම රටවල් ගණනාවක සිටින පුද්ගලයන්ට සැණින් තොරතුරු යැවිය හැකි මාධ්‍යයකි. බොහෝ දියුණු රටවල මෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාවද තමන්ට අවැසි භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කිරීමට පෙළෙඹී තිබේ. මෙමගින් කාලය හා මුදල් යන දෙකම ඉතිරි කර ගත හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. වර්තමාන ආයතනය සතුව වෙබ් අඩවියක් ඇත්නම් ඩිජිටල් අලෙවිකරණය මගින් විශාල වාසි අත්කරගත හැකිය.

Digital Marketing හි SEO ලේසියෙන්ම ඉගෙන ගන්නේ කොහොමද?

1. සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණය (SEO – Search Engine Optimization).

2. සෙවුම් යන්ත්‍ර අලෙවිකරණය (SEM – Search Engine Marketing).

3. සමාජ ජාල අලෙවිකරණය  (SMM – Social Media Marketing).

ඩිජිටල් අලෙවිකරණයේ ක්‍රියාකාරී ප්‍රධානම අංශයකි. සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණය (SEO – Search Engine Optimization).වෙබ් අඩවියක් ඇත්නම් එය සෙවුම් යන්ත්‍රයන්හි මූල පදයන් (Keyword) ඇතුළත් කළ විට මුල්ම සෙවුම් ප්‍රතිඵල අතරට එන්නට නම් එම වෙබ් අඩවිය අනිවාර්යෙන්ම සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණයට ලක් කළ යුතුය. එමගින් ඔබට සෙවුම් යන්ත්‍ර මිත්‍ර (Search Engine Friendly) වෙබ් අඩවියක් හිමිකරගත හැකිය. දැනට ලෝකයේ භාවිතා වන ප්‍රධාන සෙවුම් යන්ත්‍ර 3කි. එනම් Google, Yahoo හා Bing ය. එහි ප්‍රධාන තැන උසුලන්නේ Google ය. ඔවුන් කාලයෙන් කාලයට තම සෙවුම් යන්ත්‍රයට විවිධ භාවිතයට පහසු අංශ එකතු කිරීම මීට හේතුවයි.

SEO කියන්නේ මොකද්ද

web අඩවි Search engine result page එකෙහි ඉහළ ස්ථානයකට ගෙන ඒම සදහා භාවිත කරන සියලුම ක්‍රමවේදයන් වේ. SEO යනු කෙටි යෙදුමක් (Abbreviation). එනම් මෙහි දිගු නම (Search Engine Optimization) ලෙස හදුන්වයි. සිංහල නම සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණයයි. මෙය ඉතා තරගකාරී තාක්‍ෂණික මෙවලමක් වේ. වෙබ් අඩවි හිමිකරුවන් විසින් මසකට ලක්‍ෂ ගණන් වියදම්කර තම වෙබ් අඩවිය කෙසේ හෝ සෙවුම් යන්ත්‍ර නොහොත්  Search engine උදහරණ ලෙස Google, yahoo, bing වැනි යෙදවුම් යන්ත්‍රවල ඉහළම යෙදවුම් ප්‍රතිඵලවල දිස්කරගැනීමට උත්සහ කරයි.

කොහොමද SEO – MARKETING වලට වාසි වන්නේ ?

SEO යනු වෙබ් අඩවිය හෝ Blog, Google වගේ Effective සෙවුම් යන්ත්‍ර වලට පහසුවෙන් හසුවන ආකාරයට පහසුවෙන් ගණුදෙනු කිරීමක් සේම (Post, Video, Image, Service etc.) වැනි අංග තුළ ඇති ගුණාත්මක බව ගැන සෙවුම් යන්ත්‍ර වලට තේරුම්ගැනීමට හැකිවන ආකාරයට සකස්කරන ක්‍රමවේදයයි. SEO භාවිතය අලෙවිකරණය සදහා යොදා ගන්නේ මෙසේ ය. එනම් යම් අන්තර්ජාලය භාවිතකරන්නෙක් ටදදටකැ යෙදුම් යන්ත්‍රය මගින්  ”Gigital marketing” ලෙස යතුරු ලියනය මගින් සෙවු විට එම  ”Digital marketing” යන වචනවලට වඩාත්ම Optimize වී ඇති වෙබ් අඩවිය අංක එකටත් ඊට පසුව Optimize වී ඇති වෙබ් අඩවි පිළිවෙළින් දෙක තුන ආකාරයෙන් පහළට දිස්වෙනු ඇත. මෙසේ යෙදවුම් යන්ත්‍රවල ප්‍රතිඵලවල ඉහළටම පැමිණීමට වෙබ් අඩවියක් සැකසීම Search Engine Optimize වේ. Google Search කිරීමේ දී එකපාර පෙන්වනුයේ ප්‍රතිඵල (Results)  10ක් පමණයි.

Google, Yahoo, Bing, MN , Ask, ABOUT වැනි Search engine වල result page එකෙහි ඉහළින් ම web අඩවිය ප්‍රදර්ශනය වු විට එයට විශාල පිරිසක් පිවිසීමේ හැකියාව වැඩිය. එසේ Search engine result page එකෙහි ඉහළ ස්ථානයක ඔබගේ web අඩවිය පවතින විට කිසිදු ගෙවීමකින් තොරව විශාල පිරිසක් web අඩවි වෙත ගෙන්වා ගැනීමට හැකිවනු ඇත. එවිට ඔබේ ව්‍යාපාරයට වගේම සාක්කුවටත් වාසි

අලෙවිකරණ අඛණ්ඩ ක්‍රියාවලියක් සදහා SEO දායකත්වයක් ලබන්නේ කොහොමද?

SEO හි ප්‍රධාන අංශ 2කි.

1. On page Optimization – වෙබ් අඩවියේ සිදුකරන ප්‍රශස්තිකරණය.

2. Off page Optimization – පිටුවෙන් පිටත සිදුකරන ප්‍රශස්තිකරණය.

On page Optimization – වෙබ් අඩවියේ සිදුකරන ප්‍රශස්තිකරණය. මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුවන්නේ භාණ්ඩය හෝ සේවාවට අදාළ මූල පදයන් (Keyword) හා කෙටි හැඳින්වීමක් මගින් සෙවුම් යන්ත්‍රයට වෙබ් අඩවිය හා එහි ඇති ඡායාරූප හඳුන්වාදීමට අවැසි කොටස් සැකසීමයි. එමෙන්ම සෙවුම් යන්ත්‍රයට අදාල වෙබ් අඩවිය යොමු කිරීම සිදුකරයි. එමෙන්ම වෙබ් අඩවියේ විශ්ලේෂණයට (Analytics) අවැසි කේතයන් ලබා දේ. සරලව පැවසුවොත් සෙවුම් යන්ත්‍රයට වඩාත් පහසුවෙන් වෙබ් අඩවිය සොයාගැනීමට හැකිවන ආකාරයට වෙබ් අඩවිය සූදානම් කිරීම මෙම ක්‍රියාවලියයි. එමෙන්ම ඔබේ වෙබ් අඩවියේ කරුණු ඔබට අවේණික (Unique Content) ලෙස සකස් කිරීම සිදු කළ යුතුය.

Off page Optimization – පිටුවෙන් පිටත සිදුකරන ප්‍රශස්තිකරණය. මෙහිදී සිදු කරන්නේ මූලික වශයෙන් වෙනත් අඩවිවලට අප සතු වෙබ් අඩවිය ඇතුළත් කිරීමයි. එය අපි Back link ඇතිකරගැනීම ලෙස හඳුන්වනු ලබයි. මෙහිදී වෙබ් අඩවි නාමාවලිවල, එමෙන්ම බ්ලොග් අඩවිවල, සමාජ ජාලවල යොමුවන් ඇති කිරීම සිදු කරනු ලබයි.

මෙම ක්‍රියාවලිය සිදු කිරීමෙන් විටෙක ඉතා ඉක්මනින් මාසයක් ඇතුළත වෙබ් අඩවිය සෙවුම් යන්ත්‍රයේ මුල් පිටු අතරට ගෙන යා හැකි අතර, ඉතා තරඟකාරී සේවාවන් හා භාණ්ඩ ඇතුළත් වෙබ් අඩවියක් නම් මාස 6ත් අවුරුදු 2ත් අතර කාලයක් පිටුවෙන් පිටත සිදුකරන ප්‍රශස්තිකරණයට ලක් කළ යුතුය. එමෙන්ම එය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු ක්‍රියාවලියක් වන අතර, සමස්ත ක්‍රියාවලිය සිදුකරගෙන ප්‍රතිඵල භුක්ති විඳීමට ඔබට ඉවසීම ප්‍රගුණ කිරීම මෙන්ම අන්තර්ජාල සෙවුම්යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරුවෙකුගේ සහාය ලබාගැනීම අත්‍යාවශ්‍යය.

පහසුවෙන් මුදල් හම්බ කරන්න SEO බලපන්නේ කොහොමද? 

අලෙවිකරණයේ දී SEO යොදා ගනු ලබන්නේ තම blog එකෙහි හෝ web site එකෙහි traffic සාදා ගැනීමටයි. traffic කියන්නේ සෙවීම් නැරඹුම් සංඛ්‍යාව වැඩිවිමයි. ඒ අනුව blog අඩවි සදහා ද මෙම traffic කියන කාරණාව වැදගත් වේ. ඒ අනුව traffic නැති blog අඩවි තොරතුරු සමාජගත කිරිමේ දී බාධා ඇති කරනු ලබයි. වෙබ් අඩවි වෙත නැරඹුම් සංඛ්‍යාව වැඩිකිරීමත් වගේම blog අඩවි පාඨකත්වය ඇද බැද තබා ගැනීමත් මෙහිදී අපේක්‍ෂා කරනු ලබයි. බොහෝමයක් blog අඩවි තුළ traffic ක්‍රියාත්මක නොවේ. එම නිසාම බොහෝමයක් දේශීයන් විදේශීයන් බ්ලොග් කරණයෙන් ඉවත් වේ. traffic වැඩි වීම මත නැරඹුම් සංඛ්‍යාව වැඩි වේ. ඒ මත පාඨකත්වය ද අලෙවිය ද  ඉහළ යනු ඇත.

උදාහරණ වශයෙන් Google මත කුමක් හෝ වචනයක් search   කළොත් ඒ වචනයට අදාළ තොරතුරු අඩංගු පිටු ලක්‍ෂ ගණනක් එනවා. ඒ අතරින් Google ප්‍රතිඵලවලින් 1,2,3 ලෙස පිළිවෙලට වර්ගීකරණය කරනුයේ SEO හරහා ය.

ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළට වැජඹීමට මෙම කාරණාව වැදගත් වේ. ඒ අතර යම්කිසි වෙබ් අඩවියක් Result list එකේ ඉහළට ගෙන ඒමට SEO වැදගත් මෙහෙයක් ඉටුකරයි. ඒ අතර යම්කිසි වෙබ් අඩවියක් Result list එකේ ඉහළට ගෙන ඒමට SEO වැදගත් මෙහෙයක් ඉටුකරයි. සෙවුම් යන්ත්‍රයක් සාමාන්‍යයෙන් සලකා බලන සාධක ගණනාවක් ඇත. එහි සාධක  ගණනාව අතරට තම වෙබ් අඩවිය සිටි නම් Result list එකේ මුල් තැනට ආ හැකිය. එය SEO ක්‍රමවේදය මත රදා පවතී.

ඒ අනුව තම blog අඩවියට හෝ වෙබ් අඩවියට Search engine තුළ මුල් ස්ථානවල තිබුනොත් blog එකට කොච්චර ප්‍රමාණයක් දෙනා අහඹු ආකාරයෙන් පැමිණේ, ඒ වගේම blog එක වෙත සෙවුම් යන්ත්‍ර සදහා පාඨකත්වය වැඩිවෙනවා කියන්නේ Google Adsence වගේ දේවලුත් පහසුවෙන් ලබා ගත හැකි බවයි. ඒ වගේ ම මුදල් සැපයීම ද පාඨකත්වය මත ඉතා ම පහසු දෙයක් වේ.

ඒ නිසාම SEO යන ක්‍රමවේදය ලෝකයේ බොහෝමයක් විශාල අවධානයක් යොමු කරනු ලබයි.

SEO ක්‍රියාත්මක කිරීමේ දී නොකළ යුතු දේ මොනාද?

තමා විසින් සිදුකරනු ලබන මෙසේ අඩවිය තුළ වෙනත් අඩවිවලින් ලබා ගත් ලිපි හෝ Contents අන්තර්ගත වේ නම් ඒවා ඉවත් කළ යුතුය. Google මෙය නොහොබිනා කටයුත්තක් ලෙස සලකයි. එවැනි වෙබ් අඩවි සදහා කිසිසේත් ම මුල් තැනක් ලබා නොදේ. නැති තරම් නිර්මාණශීලි අලුත් ලිපි පල කිරීමට වග බලා ගත යුතුය. copy paste කරන්න එපා. හැමවිටම වැදගත් වටිනා කරුණු අන්තර්ගත කිරීම වැදගත් වේ.

SEO නිසා අලෙවිකරණයට ඇති වාසි  මොනවාද?

■            Nature traffic වාසිය හිමිවීම Search Engine Result page එක හා web අඩවියට නොමිලේ ලැබෙන ප්‍රවේශයන් Organic traffic හෙවත් Nature traffic ලෙස හදුන්වයි)

■            සෙවුම් යන්ත්‍ර වල ඔබේ නිෂ්පාදන හෝ සේවාවන් සොයමින් සිටිති.

■            බිලියන 2 කට වැඩි පිරිසක් අන්තර්ජාලය හරහා සිටිති 93% ක් සෙවුම් එන්ජිමක් මත ආරම්භ වේ. සෑම තත්පරයකම සෙවීම් 40,000 ක් සහ දිනකට සෙවීම් බිලියන 3.5 ක් තිබේ.

■            විකුණුම් වැඩි කරයි.

■            අත්පත් කර ගැනීම සඳහා ඔබේ පිරිවැය අඩු කළ හැකිය.

■            විශ්වාසය සහ විශ්වසනීයත්වය ගොඩ නගයි.

■            දිගුකාලීන උපාය මාර්ගයකි.

■            ඔබේ ගනුදෙනුකරුවන් වඩාත් දැනුවත් කරනු ලැබේ.

■            ඔබේ වෙළඳ නාම දැනුවත්භාවය හා සාධාරණත්වය වැඩි දියුණු කරයි.

■            මැනිය හැකි ය.

■            නොබැඳි විකිණුම් ධාවනය කරයි.

■            දැන්වීම්කරණයට වඩා පිරිවැය ඵලදායී වේ.

■            තරඟකරුවන් වර්ධනය වීමට SEO භාවිත කරයි.

■            කුඩා ව්‍යාාපාරයන්ට කුඩා සමාගම්වලට විශාල ව්‍යාපාරයක් ලබා දිය හැකිය.

■            වෙළඳපල කොටස ලබා ගැනීමට උපකාරී වනු ඇත SEO ඔබට වෙළඳපල කොටස ව්‍යාපාරයේ වටිනාකම වැඩි කරයි.

■            online අලෙවිකරණ ක්‍රියාකාරකම් සියල්ලම SEO integrates.  

■            ඔබේ සමස්ත අලෙවිකරණ ආයෝඡන වැඩි දියුණු කරයි.

■            හොඳම PR උපාය මාර්ගය වන්නේ SEO’.

■            සමාජ මාධ්‍ය අනුගාමිකයින් වැඩි දියුණු වනු ඇත.

■            විද්‍යුත් තැපැල් ග්‍රාහක දායකත්වය වැඩි කරනු ඇත.

■            වෙබ් අඩවියේ click-through-rate වැඩි දියුණු කරයි.

■            වෙබ් අඩවියේ වේලාව තුළ වැඩි දියුණු කරයි SEO ඔබේ වෙබ් අඩවියේ වේලාව තුළ වැඩි දියුණු කරයි.

■            වෙබ් අඩවියේ වේගය වැඩි දියුණු කරයි.

■            ජංගම ක්‍රියාවලියක්.

ව්‍යාපාරය තූළ ශක්තිමත් පදනමක් දැමීමට නව උපාය මාර්ග අත්හදා බලන්න මැලි නොවන්න- වර්තමාන සමාජය නව ලෝකය හා සන්නද්ධ වු අන්තර්ජාලය හා බැඳුනු ගමනක් අරඹමින් සිටි- අලෙවිකරණය හා අන්තර්ජාලය අවියෝජනීය ගණුදෙනුවක නිරත වෙමින් සිටී

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *