බුද්ධිමය දේපළ  හා යූටියුබ් කොපිරයිට්ස්

| දිමුතු චතුරංග ජිනසේන

මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට පුද්ගල අදහස් හුවමාරුවේ යතුර හා ශක්තිය ලෙස සන්නිවේදනය සඳහන් කරන්නට පුළුවන්. සන්නිවේදනය හුදෙක් වචන හෝ අභිනයන් වලට වඩා වැඩි යමක් ඇතුළත් වෙනවා. දැනුම, හැඟීම් සහ අත්දැකීම් සම්ප්‍රේෂණය කිරීමට හැකි වන පරිදි පුද්ගලයන්, ප්‍රජාවන් සහ ජාතීන් සම්බන්ධ කරන පාලම එයයි. මිනිසුන් සන්නිවේදනය කිරීමට සිතුවම්, සංඥා, ශබ්ද වල සිට රැහැන් රහිත ජාල, සමාජ මාධ්‍ය වල නවීන ක්ෂේත්‍රය දක්වා, සන්නිවේදනයේ පරිණාමය අප ජීවත් වන, අන්තර් ක්‍රියා කරන සහ ලෝකය වටහා ගන්නා ආකාරයට පරිවර්තනය කරලා තියනවා. එම සන්නිවේදනය අන්තර්ජාල සන්නිවේදනයයි. අන්තර්ජාල සන්නිවේදනය ලොව පුරා අප සම්බන්ධවන, සන්නිවේදනය සහ තොරතුරු බෙදා ගන්නා ආකාරය විප්ලවීය වෙනසක් සිදු කරලා තියනවා. එය අපගේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට ද පත් වී හමාරයි. අප එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය, ව්‍යාපාර පැවැත්වීම සහ තොරතුරු වෙත ප්‍රවේශ වීම සිදු කරනවා. සරලව අන්තර්ජාල සන්නිවේදනය කියලා කියන්නේ අන්තර්ජාලය මාධ්‍යයක් ලෙස භාවිත කරන පුද්ගලයන්, සංවිධාන හෝ උපාංග අතර දත්ත සහ තොරතුරු හුවමාරු කර ගැනීමයි. එය ලෝකයේ විවිධ ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට තත්‍ය කාලීනව සම්බන්ධ වීමට සහ අන්තර් ක්‍රියා කිරීමට, භූගෝලීය බාධක ජය ගැනීමට සහ ක්ෂණික සන්නිවේදනයට පහසුකම් සපයනවා.

සමාජ මාධ්‍ය වේදිකා අන්තර්ජාල සන්නිවේදනය සඳහා ප්‍රබල මෙවලම් ලෙස මතු වී ඇති අතර, මිනිසුන්ට හා සම්බන්ධ වීමට, අදහස් බෙදා ගැනීමට සහ ගෝලීය පරිමාණයෙන් සංවාදවල යෙදීමට හැකි වෙනවා. Facebook, YouTube, Twitter, Instagram සහ LinkedIn වැනි වෙබ් අඩවි අපගේ සමාජ සහ වෘත්තීය ජීවිතයේ අනිවාර්ය කොටස් බවට පත්වෙලා ඉවරයි. 2005 හි ආරම්භයේ සිට, යූ ටියුබ් සංස්කෘතික සංසිද්ධියක් බවට පත්ව තිබෙනවා. බිලියන 2කට අධික ප්‍රවිෂ්ට වූ මාසික පරිශීලකයින් සහ සෑම මිනිත්තුවකම පැය සිය ගණනක වීඩියෝ උඩුගත කිරීමත් සමඟ, YouTube ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම හඬවල් ඇසෙන ගෝලීය වේදිකාවක් බවට පරිණාමය වී තියනවා. YouTube යනු ප්‍රජාතන්ත්‍රීකරණයේ බලය පිළිබඳ සාක්ෂියකි. එය කැමරාවක් සහ අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇති ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ කථා, ආශාවන් සහ ඉදිරි දර්ශන ලෝකය සමඟ බෙදා ගැනීමට ඉඩ සලසමින් ඇතුළුවීමට සම්ප්‍රදායික බාධක බිඳ දමා ඇත. සංගීතඥයින්, සූපවේදීන්ගේ සිට විද්‍යා ලෝලීන් සහ දේශපාලන විචාරකයින් දක්වා, YouTube විසින් පුද්ගලයන්ට ඔවුන්ගේම අන්තර්ගතයේ නිර්මාපකයින් සහ භාරකරුවන් වීමට, විවිධ හඬවල් විස්තාරණය කිරීමට සහ ගෝලීය පරිමාණයෙන් ප්‍රජාව පිළිබඳ හැඟීමක් පෝෂණය කිරීමට බලය ලබා දීලා තියනවා.

වර්තමාන ගෝලීයකරණය සහ නවෝත්පාදන මත පදනම් වූ ලෝකය තුළ, බුද්ධිමය දේපල නිර්මාණශීලීත්වය පෝෂණය කිරීම, නවෝත්පාදන දිරිගැන්වීම සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමෙහිලා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. එහි හරය තුළ ජාතික බුද්ධිමය දේපළ නිර්මාණකරුවන්ට, නව නිපැයුම්කරුවන්ට සහ නවෝත්පාදකයින්ට තනි අයිතිය ලබා දෙන නීතිමය රාමු, රෙගුලාසි සහ බලාත්මක කිරීමේ යාන්ත්‍රණයන් ඇතුළත් වෙනවා.

YouTube විසින් නිර්මාණකරුවන්ට ඔවුන්ගේ දක්ෂතා, අදහස් සහ කලාත්මක ප්‍රකාශන ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත ප්‍රදර්ශනය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී වේදිකාවක් සපයා තිබෙනවා. කෙසේ වෙතත්, මෙම විවෘත පරිසරය ප්‍රකාශන හිමිකම් අභියෝගයන්ට ද හේතු වෙලා තියනවා, මන්ද නිර්මාණකරුවන්ට ප්‍රකාශන හිමිකම ඇති දේවල් භාවිත කිරීමේ සීමාවන් මගින් සැරිසැරීමට සහ උල්ලංඝනය කිරීම් වළක්වා ගත යුතුය. ජාතික බුද්ධිමය දේපල නීති මෙම සීමාවන් නිර්වචනය කිරීමේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනවා, YouTube අන්තර්ගතය තුළ ප්‍රකාශන හිමිකම් සහිත කෘති භාවිත කිරීම හා සම්බන්ධ අයිතිවාසිකම් සහ සීමාවන් ගෙනහැර දක්වනවා.

ශ්‍රී ලංකාවේ YouTube අන්තර්ගත නිර්මාපකයින් සඳහා, ඔවුන්ගේ වීඩියෝවල ප්‍රකාශන හිමිකම් ඇති දේ භාවිත කිරීමේදී ප්‍රකාශන හිමිකම් නීති පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍ය වෙනවා. නිසි අවසර ලබා ගැනීම, බලපත්‍ර ලබා ගැනීම හෝ සාධාරණ භාවිත මූලධර්ම මත රඳා සිටීම ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය වීම වැළැක්වීම සඳහා වැදගත් කරුණු ලෙස සදහන් කරන්න පුලුවන්. ශ්‍රී ලාංකේය නිර්මාණකරුවන් බුද්ධිමය දේපළ පනතේ දක්වා ඇති නිශ්චිත විධිවිධාන සහ ව්‍යතිරේකවලට අනුකූල වීම සහතික කිරීම සඳහා හුරුපුරුදු විය යුතුයි. අවාසනාවකට මෙන්, බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයක් හෝ අවබෝධයක් නොමැතිකම, නොදැනුවත්වම උල්ලංඝනය කිරීම් සහ නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් නොසලකා හැරීමට හේතු වෙන්න පුලුවන්. මෙම නොදැනුවත්කම නවෝත්පාදකයින්ගේ සහ නිර්මාණකරුවන්ගේ උත්සාහයන් වලක්වනවා පමණක් නොව, කර්මාන්ත හා සමාජවල සමස්ත ප්‍රගතියට හා සංවර්ධනයට බාධා කරනවා.

බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිබඳ නොදැනුවත්කම බොහෝ විට නිරීක්ෂණය කරන එක් පොදු ක්ෂේත්‍රයක් වන්නේ අන්තර්ජාලය, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වේදිකා සහ අන්තර්ගත බෙදාගැනීමේ වෙබ් අඩවියි. නිසි අවසරයකින් තොරව ප්‍රකාශන හිමිකම් ඇති දේ ප්‍රතිනිෂ්පාදනය කිරීමෙන් හෝ බෙදා හැරීමෙන් පරිශීලකයන් නොදැනුවත්වම ප්‍රකාශන හිමිකම් නීති උල්ලංඝනය කළ හැකියි. අවසරය ලබා ගැනීමකින් තොරව හෝ මුල් නිර්මාපකයින්ට නිසි ගෞරවය ලබා දීමකින් තොරව ඡායාරූප, වීඩියෝ, සංගීතය හෝ ලිඛිත අන්තර්ගතය බෙදා ගැනීම මෙයට ඇතුළත් විය හැකියි. මීට අමතරව, යූ ටියුබ් වැනි පරිශීලකයන් විසින් කරන ලද අන්තර්ගත ප්‍රකාශන හිමිකම් සහිතව නිර්මාණය කරලා තියනවා. බොහෝ අන්තර්ගත නිර්මාපකයින් ඔවුන්ගේ වීඩියෝවල ප්‍රකාශන හිමිකම ඇති කෘති භාවිත කිරීමේ නීතිමය අංග සම්පූර්ණයෙන් තේරුම් නොගෙන ඇති අතර, නොදැනුවත්වම උල්ලංඝනය කිරීම් සහ විභව නීතිමය ප්‍රතිවිපාකවලට තුඩු දෙන්න පුලුවන්.

පහුගිය සතියේ කලා ලෝකයේ ගින්නක් ඇවිළුනා. ඒක හේතු වුණේ ගීයක නිර්මාණය අයිතිය සම්බන්ධ ප්‍රශ්නයක්. පහුගිය අලුත් අවුරුදු සමයේ රූපවාහිනී නාලිකාව අවුරුදු වැඩසටහනක, නදීර නෝනිස් සහ ඔහුගේ දියණිය අවුරුදු ගීතයක් ගායනා කළා. ‘එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි’ ගීතයේ තමයි ඔවුන් ගායනා කළේ. කොහොම හරි මේ වැඩසටහන මේ ගීතය සමාජ මාධ්‍ය ජාලාවල රසික සිත් වශී කරගන්න සමත් වුණා.

නදීර නෝනිස් කියන්නේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ඔක්ට පෑඩ් වාදන ශිල්පියෙක් ඒ වගේම ගායන ශිල්පියෙක්. ඉතින් කාලෙකට පස්සේ නදීර නෝනිස් සහ දියණිය මේ ගීතය නිසා කාගෙත් අදරය දිනා ගත්තා. විශේෂයෙන්ම නදීරගේ දියණියගේ ගායන හැකියාව සහ ඇගේ හඬෙහි සහ උච්චාරණයේ තියෙන අපූර්වත්වය තමා මේ ජනප්‍රියත්වයට හේතු වුණේ.

ඒ කොහොම වුණත් මේ ගීතය මුලින්ම ගායනා කළේ රජිව් සෙබෙස්තියන් සහ නෙලූ අධිකාරි ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියා සහ ශිල්පිනිය විසින්.  හැම සිංහල අලුත් අවුරුද්දකම වගේ ‘එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි’ අපිට අහන්න ලැබුණා. රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් වගේම සල්පිලේ කඩපිලේ පවා අවුරුදු කාලෙට මේ ගීතය බොහොම ජනප්‍රියයි. ඇත්තටම මේ ගීතය ලියලා තනු නිර්මාණය කරලා තිබුණේ රජිව් සෙබස්තියන් මහත්මයා. රජිව් සෙබෙස්තියන් කියන්නෙත් අපූරූ හඬ පෞරුෂයක් තියෙන ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියෙක්. ඔහු වෙනස්ම හැඩයේ ගීත නිර්මාණ කිහිපයක් කරලා තියනවා. කොහොම හරි නදීර නෝනිස් සහ දියණිය ‘එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි’ ගීතය ගායනා කරලා සතියක් හමාරක් ගත වෙනකොට තමා කලා ලෝකය ගිනි තිබ්බේ. ඒකට හේතු වුණේ නදීර නෝනිස් මුහුණු පොතේ තබපු සටහනක්.

‘මම දුවත් එක්ක අවුරුදු වැඩසටහනේ ගායනා කළ ගීතය යූටියුබ් වලින් අයින් කරන්න කියලා එහි අයිතිය තියෙන රජිව් සෙබස්තියන් මහත්මයා ඉල්ලා සිටියා. කලාකරුවෙකු විදියට තවත් කලාකරුවකුගේ ඉල්ලීම මා කැමැත්තෙන් සහ ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න අතර එම වීඩියෝව යූටියුබ් එකෙන් මේ මොහොතේ අයින් කරනවා. සිදුවූ අපහසුතාවයට සමාවෙන්න කලාකරුවාණෙනි, රජිව් සෙබෙස්තියන්’

මෙය සටහන තබන මොහොත වනවිටත් මේ ගීතය සම්බන්ධව ලොකු කතාබහක් රසික සමාජය තුළ නිර්මාණය වෙලා තිබුණා. ඒ නිසාම මේ සටහනට ප්‍රතිචාර දක්වපු බොහෝ රසිකයෝ ‘රජිව් කරපු වැඩේ වැරදියි’ කියලා කියන්න බොහෝ දෙනෙක් පෙළඹුණා. මේ සටහන මතුපිටින් නොපෙනෙන යටිපෙළ අදහසක් රසිකයන් අල්ලගෙන තිබුණේ.

කොහොම හරි ඒ පෙළඹවීම කොතරම් දුරදිග ගියාද කියනවා නම් රජිව් සෙබස්තියන් පිළිබඳ තරමක බරපතළ විවේචන සමාජ මාධ්‍ය තුළ අපි දැක්කා. රජිව් අනුන්ගේ ගී ගයා ජනප්‍රිය වූ බව සමහරු කිව්වා. තවත් භාවිත කරලා තිබුණු වචන නම්, කලාව සම්බන්ධව කතා කරද්දී ඇත්තටම භාවිත කරන්න සුදුසු වචන නෙවෙයි. මේ සමාජ මාධ්‍ය සටහනට කමෙන්ටු දෙදහස් පන්සීයක් විතර වැටුණා.

ඊළඟට මේ කතාව වෙනස් තැනකට අරගෙන ගියේ යූ ටියුබ්කරුවෙක් වන සුදත්ත තිලකසිරි විසින්. සුදත්තත් ලංකාවේ ජනප්‍රිය කලකරුවෙක්. ඔහු රජිව් සෙබෙස්තියන්ව යූටියුබ් සංවාදයකට එකතු කරගත්තා. නදීරත්ට ආරාධනා කළ බව එතනදී ඔහු කිව්වා. මෙන්න මෙතනදී රජිව් සෙබෙස්තියන් තමන්ගේ පැත්තෙන් කතාව කියන්න පටන් ගත්තා.

ඔහු කිව්වා මේ ගීතය ගායනා කිරීම සම්බන්ධව ගැටලුවක් නැහැයි කියලා. තමන් ගායනා කළේ අනුන්ගේ ගීත බවත්, එසේ කීමද ආචාරාත්මක නොවන බවත් ඔහු පිළිගත්තා. රජිව් කිව්ව විදිහට ඔහුට තිබුණේ මේ ගීතය යූටියුබ් මාධ්‍යයට එකතු කිරීම සම්බන්ධව ගැටලුවක්. නදීරගේ දියණියගේ ජනප්‍රියත්වය වෙනුවෙන් සති දෙකක කාලයක් දීලා තමා ඔහු අදාළ රූපවාහිනිය ආයතනයට කතා කරලා තියෙන්නෙ ඒ නිසා. ඇත්තෙන්ම ඔහු නදීර නෝනිස්ට කතා නොකළ බව තමා මෙතැන දී කියැවුණේ. රජිව් අනුව නදීර තමා ඔහුට කතා කරලා තියෙන්නෙ.

තමන්ගෙ නිර්මාණවල අයිතිය පෞද්ගලික ආයතනයකට ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටින නිසා තමා, මේ වගේ ඉල්ලීමක් සිදුකළේ රජිව් මෙතැනදී තවදුරටත් පැහැදිලි කළා. මේ සංවාදය සුදත්ත තිලකසිරි නදීර නෝනිස්ට දුරකතන ඇමැතුමකුත් ගත්තා. එතැන ඇතිවුණේ සාමාන්‍ය කතාබහක්. කොහොම හරි යූටියුබ් සංවාදය කරළියට ආවට පස්සෙ, සමහරු හිටගත්තේ රජිව් හරි කියන පැත්තේ. ඔන්න පිල් දෙකක් නිර්මාණ වුණා. ගීතයක නිර්මාණ අයිතිය සහ බුද්ධිමය දේපළ පිළිබඳවත් සංකීර්ණ කතාබහත් මේ එක්කම කරළියට ආවා. ඒ අතර සුදත්ත ආයෙත් වතාවක් වීඩියෝ එකක් යූටියුබ් වෙත එකතු කළේ පෙර සංවාද පිළිබඳ නදීර නෝනිස් තමන්ට බැණ වැදුණු බව පවසමින්. මේ අතර නදීර නෝනිස් මුහුණු පොතේ සජීවී වීඩියෝවක් දමමින් සුදත්ත වීඩියෝ කිරීමට කතා කළ බවත්, එය උණුසුම පහව ගිය පසුව සිදුකරමු යැයි තමා පැවසූ බවත් නදීර එහිදී කියා සිටියා.

මේ සිදුවීම් පෙළ අතරෙ තවත් කලාකරුවන් මීට මැදිහත් වුණා. ඒ අයව නදීරට සහ දියණියට කිව්වේ ඕනේ නම් තමන්ගේ ගීත ගායනා කරන්න කියලා. කලා ලෝකයේ ඉහළම තැන්වල විතරක් නෙවෙයි, කාර්යාලවල, පාසල්වල, ගෙවල්වලත් පවා මේ හා සම්බන්ධව ලොකු ලොකු සාකච්ඡා ඇති වුණා. ඒත් ඒ බොහෝ සාකච්ඡාවක තිබුණේ අනුන්ගේ කුණු රස බැලීමේ ජුගුප්සාජනක ආශ්වාදය මිසක, ගීයකින් කලාවෙන් අපිට ලබන්න පුළුවන් අත්මීය රසාස්වාදය නම් නෙවෙයි.

ගීතයක නිර්මාණ අයිතිය කියන්නේ අතිශය සංකීර්ණ මාතෘකාවක්. සාමාන්‍යයෙන් ගීයක නිර්මාණ අයිතිය තියෙන්නෙ ගී පද රචකයාට සහ සංගීත නිර්මාපකයාට. ලංකාවේ බුද්ධිමය දේපළ පනත යටතේ මේ පිළිබඳව කටයුතු කරන්න පුළුවන්. විවිධ කලාකරුවන් සංගම් කිහිපයක් පිහිටුවාගෙන නිර්මාණ අයිතිය සම්බන්ධව කටයුතු කරමින් සිටිනවා. ලෝකය මේ සම්බන්ධව බොහොම දියුණු තැනක ඉන්නේ. ඇත්තටම අපි පසුගාමීයි. ඒ නිසා තාමත් මේ විෂය පරාසය තුළ විශාල අඩුපාඩු තිබෙන බවනම් පැහැදිලියි. අපි හිතන විදිහට, නීති රීතිවල පවා යම් යම් වෙනස්කම් සිදුවිය යුතුයි.

ඕනෑම දෙයක පුංචි හොඳක් තියෙනවා කියලා කතාවකුත් තියෙනවා. අන්න ඒ නිසා මෙය සිදුවීම සහ ඊට ලැබුණු අවධානය, නිර්මාණ අයිතිය සහ බුද්ධිමය දේපළ පිළිබඳ දැනුවත් වෙන්න ඔබට මට හොඳ අවස්ථාවක්. කලාකරුවන්ටත් නැවත නැවත හිතන්න මේක හොඳ අවස්ථාවක්.

බුද්ධිමය දේපළ යන්නෙන් අදහස් කරන්නේ මිනිසෙකු තම බුද්ධිය මෙහෙයවා කරනු ලබන නිර්මාණයන්ගේ නීතීමය අයිතියයි. 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ ලංකාවේ ස්ථාපිත කරන ලද ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයට ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පද්ධතියක් ඇතුළත් කර පූර්ණ බලතල පවරලා තියනවා. එම බලය පැවරීම සහිතව 1979 අංක 52 දරන බුද්ධිමය දේපල සංග්‍රහ පනතේ විධිවිධාන යටතේ එය ස්ථාපනය කරනු ලැබුවේ 1982 ජනවාරි 1 වන දිනයි.

ජාතික බුද්ධිමය දේපල පනත වැදගත් වීමට ප්‍රධාන හේතු කිහිපයක් විදියට පනත පිළිබද දැනුවත් කිරීම, අවබෝධය ප්‍රවර්ධනය කිරීම සහ අයිතිවාසිකම්වලට ගරු කිරීම, සංස්කෘතියක් පෝෂණය කිරීම සඳහා ඉතා වැදගත් වෙනවා.  පනතේ තියව විදියට පහත නිර්මාණයන්ට මුල් අයිතිකරැවාගේ අනුමැතියකින් තොරව කිසිසේත්ම භාවිත කරන්න බැහැ .එසේ භාවිත කරනවා නම් විශේෂ අවසරයක් ගන්න වෙනවා.

  • නවකථා, කවි සහ නාට්‍ය, චිත්‍රපටි, සංගීතමය නිර්මාණ, පරිගණක වැඩසටහන්, දත්ත සමුදා, සිතුවම්, චිත්‍ර, ඡායාරූප සහ මූර්ති සහ වාස්තු විද්‍යාත්මක සැලසුම් වැනි ශාස්ත්‍රීය සහ කලාත්මක කෘති
  • ප්‍රසාංගික කලාකරුවන්ගේ ඉදිරිපත් කිරීම්, ශාබිදික පටිගත කිරීම් හෝ සහතික කිරීම් සහ විකාශන
  • නව නිපැයුම්
  • කාර්මික සැලසුම්
  • වෙළඳ ලකුණු, සේවා සලකුණු, වෙළඳ නම් සහ තනතුරු නාමය

දැන් අපි කතා කරමු යූටියුබ් කොපිරයිට් ගැන, ඉතින් ඔයාලා දන්න දෙයක් තමයි අපට යම්කිසි වීඩියෝ ක්ලිප් එකක්, ඔඩියෝ ක්ලිප් එකක් ගන්න ඕන උනාම යූටියුබ් එකෙන්ම ගන්නවා, එතකොට අපි කරන්නේ යූටියුබ් එකේ creative commons filter යටතේ ගන්න එක. ගොඩක් අය හිතන් ඉන්න දෙයක් තමයි මේ creative commons filter එක යටතේ තියෙන හැම දෙයක්ම කොපිරයිට් වලින් තොරව අපට පාවිච්චි කරන්න පුලුවන් කියන එක. ඇත්තට ඒක එහෙමද, එහෙම නෙමෙයි. creative commons filter යටතේ තියෙන දේවල් කොපිරයිට් වලින් තොරව පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ ඒක ලයිසන් වේදිකාවක්. මේ CC License එකක් කියන්නේ මොකක්ද? කොපිරයිට් කියන්නේ මොකක්ද ? මේක නිර්මාණය වෙන්න මූලික හේතුව තමයි මුල් අයිතිකරු ගේ අයිතිය සුරකින්න කියන එක.

යම්කිසි විදියකට මේකේ කොපිරයිට් දේවල් තියෙන්න පුලුවන්, උදාහරණයක් විදිහට මම මගේම content එකක්, පුළුවන් creative commons යටතේ අප්ලෝඩ් කරන්න. ඒකට standard YouTube license එකට මාරු කරන්න වෙනවා.

තවත් එකක් තියෙනවා, එකෙදී කරන්නේ content එකේ මුල් මුල් අයිතිකරුට credits දෙන්න ඕන. ඒ අනුව අපට යූටියුබ් එකේ ඒවා free පාවිච්චි කරන්න බෑ.

යම්කිසි වීඩියෝ ක්ලිප් එකක්, ඔඩියෝ ක්ලිප් එකක් මේ icon එක යටතේ ලයිසන් වෙලා තිබුනොත් content එක කිසිම වැඩකට ගන්න බෑ.

creative commons කියන එකේ අර්ථය content එක කිසිම විටෙක වෙන කෙනෙකුට භාවිත කරන්න බෑ. ඒකෙදි ගැටලුවක් වෙනවා, අයිතිය තියාගන්න ගමන්ම වෙන කෙනෙක්ට කොහොමද පාවිච්චි කරන්නේ දෙන්නෙ කියන එක. එකේදි තමයි මේ creative commons එක ඇති වෙන්නේ. මුල් නිර්මාණයේ දේවල් උපුටා දක්වන්න, නැවත පල කරන්න, සංස්කරණය කරන්න මේ දේවල් වලිට පහසුකම් දෙනවා, හැබැයි මේ යටතේ තවත් දේවල් එකතු වෙලා තියෙනවා. ඒ යටතට එකතු වෙන්න පුළුවන් තව ලයිසන් මොනවද ?

මේ යටතේ තියෙන content කිසිම විටෙක credits දෙන්නෙ නැතිව මුදල් උපයන වැඩකට වුණත් භාවිත කරන්න පුලුවන්.

මේ ලයිසන් එක යටතේ content අයිතිකරුට credits දිය යුතුයි. ඕනම දෙයක් කරන්න පුළුවන් හැබැයි credits දෙන්න ඕන. උදාහරණ විදියට ඡායාරූප බාගත කරගන්නා වෙබ් අඩවි, YouTube audio library, No copyright sounds, audio library – Music for content creator, Vlog No copyright Music

මේ යටතේ  සල්ලි උපයන වැඩ වලට භාවිත කරන්න බෑ. credits දුන්නත් පාවිච්චි කරන්න බෑ. උදාහරණ විදියට YouTube Monetization දක්වන්න පුළුවන්.

යම්කිසි content එකක් වැඩකට ගන්නවා නම්, එය නැවත පල කරනවා නම් CC License එකක් විය යුතුමයි.

මේ යටතේ තියෙන ඡායාරූපයක් ගත්තත් ඒක Black-and-White කරන්න වත් අවසරයක් නෑ. ඕඩියෝ එකක් ගත්තත් එක්ක එඩිට් කරන්න බෑ. නමුත් සල්ලි උපයන වැඩ වලට භාවිත කරන්න පුලුවන් නමුත් වෙනස් කරන්න බෑ.

මේ යූටියුබ් කොපිරයිට් තනිව භාවිත වෙන්නෙ නෑ, කිහිපයක් එකට තමයි තිනේනෙ. ඉහත ඡායාරූපයෙන් එය පැහැදිලි කර ගන්න පුළුවන්.

අන්තර්ජාලය සීඝ්‍රයෙන් මිනිසුන් අන්තර්ග්‍රහණය කරමින් පවතිනවා. එහි ප්‍රධාන වේදිකාව ලෙස සමාජ ජාල මාධ්‍ය දක්වන්න පුළුවන්. මෙහි කුඩා දරුවාගේ සිට වැඩිහිටියා ප්‍රජාව දක්වා නොයෙක් ක්‍රියාවලින් සිදුකරනවා. ඒ සමාජ ජාල වේදිකාවක් නිර්මාණය කිරීමේදී ඔවුන්ගේ නීති පද්ධති වලට එකඟ වෙනවාද යන්න ඉදිරිපත් කරනවා. නමුත් අපි එම නීති කිසිවක් බොහෝවිට කියවීම්ට උත්සාහ කරන්නේ නෑ. ඒ දේවල්වල මොනවද තියෙන්නේ කියලා තේරුම් ගන්නට උත්සාහ කරන්නේ නැහැ. එයට අනුමැතිය ලබාදී අපේ තොරතුරු එම වේදිකාවට ලබා දෙනවා ඒ වගේම  එම වේදිකා වල තිබෙන අන් අයගේ තොරතුරු  අවශ්‍ය ලෙස භාවිත කරනු ලබනවා. මේ විදිහට නිර්මාණකරුවෙක්ගේ දෙයක් නැවත භාවිත කරනවා නම් එම නිර්මාණයේ මුල් අයිතිකරුට බුද්ධිමය දේපල හා යූටියුබ් කොපිරයිට් වලට යටත්ව තමයි අපි ගන්න ඕන එහෙම නැත්නම් ලොකු කරදර වලට මුහුණ දෙන්න වෙනවා. ඉහත දක්වන ලද සිද්ධියට මූලික හේතුව වෙලා තිබුණෙත් මේ ගැටලුව. මිනිසුන් අනුන්ගේ දේවල් පාවිච්චි කරනකොට බුද්ධිමය දේපල කියල දෙයක් තියෙනවා කියලා අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නට ඕන. මොකද එහෙම නැති වුනොත් නීතිමය තත්වයන් යටතේ ගිහිල්ලා ලොකු කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ වගේ නීතිමය පනත් පිළිබඳව අධ්‍යාපනයක් තිබීම ඉතාමත් වැදගත් ඒ පිළිබඳව ඉහත කලාකරුවා නිවැරදි ආකාරයෙන් දැනගෙන සිටියා නම් මෙවැනි ගැටලුවක් ඇති නොවෙන්න තිබුනා ඉතින් මෙවැනි පනත් ගැන දැනුම්වත් භාවයක් ඇති කිරීම කළ යුතු වෙනවා. ඒ සඳහා මෙම ලිපිය උපයෝගී වේ යැයි මම සිතනවා.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *