මිනිස් යහපැවැත්මට ෆේස්බුක් අහිතකර නැතිලු – ලොව දැවැන්තම අධ්‍යයනයකින් හෙළි වෙයි.

| www.thathu.com වෙබ් අඩවියෙන් උපුටා පළ කෙරිනි |

ෆේස්බුක් සමාජ මාධ්ය වේදිකාවේ ලෝක ව්‍යාප්ත ව්යාප්තිය, පුලුල්ව පැතිරුණු මානසික හානියට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් සොයාගත් නොහැකි වී ඇත. ඒ ලොව පුරා ෆේස්බුක් ව්යාප්තිය විමර්ශනය කරමින්, පසුගිය සතියේ [අගෝස්තු 9] ප්‍රකාශයට පත් කරන ලද මෙතෙක් පැවැත් වූ විශාලතම විද්යාත්මක අධ්යයනයකිනි.  Royal Society විසින් ප්රකාශයට පත් කරන ලද, ඔක්ස්ෆර්ඩ් අධ්යයනය සඳහා වසර 12ක් පුරා රටවල් 72ක් පුරා මිලියනයකට ආසන්න පුද්ගලයන්ගේ යහපැවැත්ම පිළිබඳ දත්ත භාවිත කරන ලද අතර, යහපැවැත්ම කෙරෙහි Facebookහි බලපෑම විමර්ශනය කිරීම පිණිස ලොව පුරා සිටින මිලියන සංඛ්යාත Facebook පරිශීලකයින්ගේ සත්‍ය පුද්ගල භාවිත දත්ත උපයෝගී කර ගන්නා ලදී.

පුද්ගලයන්ගේ යහපැවැත්ම කෙරෙහි සමාජ මාධ්‍යයේ බලපෑම තිබේ යැයි ජනප්‍රිය මතයක් පැවතියත්, ඔක්ස්ෆර්ඩ් අන්තර්ජාල ආයතනයේ පර්යේෂණය මගින්, ෆේස්බුක්හි ව්‍යාප්තිය නිරන්තරයෙන් යහපැවැත්මට සෘණාත්මකව බලපාන්නේ ය යන්නට ‘සාක්ෂි කිසිවක්’ හමු වී නැත. මහාචාර්ය Andrew Przybylski  සහ මහාචාර්ය Matti Vuorre නායකත්වයෙන් යුත් මෙම අධ්‍යනය මගින් සොයගනු ලබූ කරුණු ජනප්‍රිය මතයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ය.

පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් වන්නේ, ‘සමාජ මාධ්‍ය හා සම්බන්ධ ඍණාත්මක මනෝවිද්යාත්මක ප්‍රතිඵල පිළිබඳ වාර්තා ශාස්ත්‍රීය ලේඛනවල මෙන්ම ජනප්‍රිය ලිපි රචනාවල බහුලව දක්නට ලැබුණ ද, (සමාජ මාධ්‍යවලින් සිදුවන) හානි පිළිබඳ ඒවායින් දැක්වෙන සාක්ෂි සමතුලිතව සලකන විට, තීරණාත්මක බවට වඩා සමපේක්ෂණමය බව පෙනේ’ යයි මහාචාර්ය  Przybylski  පැහැදිලි කරයි, ‘අපි ලබා ගත හැකි හොඳ ම දත්ත හොඳින් පරීක්ෂා කර බැලුවෙමු. ඒවායින් පෙන්නුම් කළේ ෆේස්බුක් සාමාජිකත්වය, (යහ පැවැත්මට සිදුවන) හානියට සම්බන්ධය යන අදහසට දත්තවල ඔප්පු වන සාධක හමු නොවූ බවයි. ඇත්ත වශයෙන් ම, අපගේ විශ්ලේෂණයෙන් පෙනී යන්නේ ෆේස්බුක්, ධනාත්මක යහපැවැත්මට සම්බන්ධ වීමේ හැකියවක් තිබෙන්නට පුළුවන් බවයි.

දැවැන්ත තොරතුරු ප්රමාණයක් පරිහරණය කරමින් වැඩ කළ, ඔක්ස්ෆර්ඩ් කණ්ඩායමට ෆේස්බුක් පිළිබඳ ජනප්‍රිය වැරදි මතවලට සහායවිය හැකි සාක්ෂි සොයා ගැනීමට නොහැකි වී ඇත. එහෙත්, මහාචාර්ය Przybylski පවසන්නේ, ‘ ෆේස්බුක් සමාජ ජාලය, එය පරිහරණය කරන්නන්ගේ යහපැවැත්ම සඳහා යහපත් යැයි මෙය සාක්ෂියක් බව ඉන් කියැවෙන්නේ නැති බවයි. ඒ වෙනුවට, ඉන් දැක්වෙන්නේ  සමාජ මාධ්යවල ව්යාප්තිය, ජාතීන් සහ විවිධ ජනවිකාසක පුරා යහපැවැත්ම සමඟ සෘණාත්මක ගෝලීය සම්බන්ධයක් ඇතැයි යන අදහසට හොඳ ම ගෝලීය දත්ත සහායක් නොදක්වයි යන්නයි.

“උතුරේ රටවල ජනයාගේ යහපැවැත්ම පිළිබඳ දත්ත කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම සහ සමාජ මාධ්ය ක්රියාකාරකම් පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයන් සපයන වැරදි ස්වයං-වාර්තා මත රඳා පැවතීම හේතුවෙන් ලෝකයේ සමාජ මාධ්ය භාවිතය සහ යහපැවැත්ම පිළිබඳ අතීත පර්යේෂණ බොහොමයක් අඩාල වී ඇත” යයි සම-කර්තෘ මහාචාර්ය Vuorre නිරීක්ෂණය කරයි.

‘අපගේ නව අධ්යයනයේ දී, අප ප්‍රථම වතාවට හැකි පුළුල්ම භූ ප්‍රදේශයක් ආවරණය කර ඇත්තේ, යහපැවැත්ම පිළිබඳ ශක්තිමත් දත්ත සමඟ ආවරණය කර ඇති Facebook භාවිත දත්ත විශ්ලේෂණය කරමින්, යහපැවැත්ම කෙරෙහි Facebook භාවිතයේ බලපෑම පිළිබඳ පළමු වරට, සැබෑ ගෝලීය ඉදිරි දර්ශනයක් ලබා දෙන අයුරිනි.

ෆේස්බුක් පර්යේෂණයට සම්බන්ධ වූයේ දත්ත සැපයීම සඳහා පමණක් වන අතර අධ්‍යයනය සඳහා පැවරීමක් හෝ අරමුදල් ලබා දීමක් සිදු කළේ නැත. Facebook හි පර්යේෂකයන් දත්තවල නිරවද්‍ය බව සහතික කිරීමට උදව් කළා මිස, අධ්යයනයේ සැලසුමට බලපෑමක් කළේ හෝ  Oxford පර්යේෂක කණ්ඩායම ප්රතිඵල ප්රසිද්ධ කිරීමට පෙර පර්යේෂණ සොයාගැනීම් දැන සිටියේ හෝ නැත.

Oxford පර්යේෂණ ව්යාපෘතිය Covid වසංගතයට පෙර ආරම්භ වූ අතර, ෆේස්බුක් වෙතින් නිශ්චයනාත්මකව අවශ්ය දත්ත සුරක්ෂිත කිරීමට කණ්ඩායම වසර දෙකකට වැඩි කාලයක් ක්රියා කළේ ය. 2008 සිට 2019 දක්වා මිලියනයකට ආසන්න ජනතාවක් ආවරණය කරමින් Gallup වෙතින් පවතින යහපැවැත්ම දත්ත පර්යේෂකයන් විසින් ගෝලීය වේදිකා නියැලීමට අදාළ Facebook දත්ත සමඟ ඒකාබද්ධ කරන ලදී. උසස් තත්ත්වයෙන් හෙබි, රටපුරාවට යහපැවැත්මේ දත්තවලට Facebook නියැලීම සම්බන්ධ වන්නේ කෙලෙස දයි බැලීමට, ප්‍රථම වතාවට කණ්ඩායමට හැකි විය.

“එය Facebook දත්ත විද්යාඥයින් සඳහා දැවැන්ත කර්තව්යක් විය” යැයි මහාචාර්ය Przybylski පවසයි,  “ඔවුන්(Facebook) එය අප සමඟ බෙදා හදාගත් පසු, අපට දත්ත වර්ග දෙකක් ඒකාබද්ධ කිරීමට හැකි විය: අපට ලබා ගත හැකිවු  යහපැවැත්ම පිළිබඳ හොඳම දත්ත සමඟ එකම රටවල එකම කාලක දි Facebook වේදිකාවේ උඩුගැම්ම නිරීක්ෂණය කරන දත්ත.

දැනට ලොව පුරා බිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් Facebook පරිශීලනය කරති.  එහෙත් මෙම පර්යේෂණය 2008 සිට 2019 දක්වා කාලයේ Facebook වේදිකාව ජාත්යන්තරය තුළ ව්‍යාප්ත වී යාමේ මුල් වකවානුව දෙස බලයි. මෙම කාල සීමාව වැදගත්වන්නේ (ඊට අදාළ) සාක්ෂි නොමතිව වුව, සමාජ මාධ්ය භාවිතයේ සහ යහපැවැත්මේ ප්‍රවණතා සම්බන්ධ වේ යයි ජනප්රිය විචාරකයින් ප්රකාශ කර ඇති නිසා ය.

මහාචාර්ය Przybylski සහ  මහාචාර්ය Vuorre මෙම අදහස මූලික වශයෙන්ම නිරාකරනය කර ගෙන ඇත. “තිබිය හැකි යයි ව්ශ්වාස කිරීමට පුළුවන් සබඳතා පරාසය වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා, අපි ෆේස්බුක් ගෝලීය වශයෙන් අනුගතවීම පිළිබඳ දත්ත නිරීක්ෂණය, යහපැවැත්මේ දර්ශක තුනක් සමඟ සම්බන්ධ කළෙමු: ජීවිත තෘප්තිය, සෘණ සහ ධන මනෝවිද්යාත්මක අත්දැකීම්. අපි රටවල් 72ක ඒක පුද්ගල සක්රීය Facebook භාවිත කරන්නන් පිරිමි සහ ගැහැණු වශයෙන් වයස් කාණ්ඩ දෙකකින් (අවුරුදු 13-34 සහ 35+) පරීක්ෂා කළෙමු.”

ඔවුන් ඍණාත්මක සබැඳියා සඳහා කිසිදු සාක්ෂියක් සොයා නොගත් අතර බොහෝ අවස්ථාවලදී ෆේස්බුක් සහ යහපැවැත්ම දර්ශක අතර ධනාත්මක සහසම්බන්ධතා තිබුණි.

පර්යේෂකයෝ වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධ වෙනස්කම් ද විමර්ශනය කළහ. ඔවුන්ගේ විශ්ලේෂණයෙන් පෙන්නුම් කළේ ෆේස්බුක් ප්‍රතිග්‍රහණය සහ යහපැවැත්ම අතර සම්බන්ධය ගැහැණුන්ට වඩා, පිරිමින්ට යහපැවැත්මේ සියලුම දර්ෂක හරහා තරමක් ධනාත්මක නමුත් මෙම ප්රවණතා සැලකිය යුතු නොවන බවයි. තවද, Facebook ප්‍රතිග්‍රහණය සහ යහපැවැත්ම සාමාන්යයෙන් සෑම රටකම සිටින තරුණ පුද්ගලයින් සම්බන්ධයෙන් වඩාත් ධනාත්මක විය. මෙම බලපෑම් කුඩා නමුත් වැදගත් විය.

මෙම නවතම අධ්‍යයනය ඩිජිටල් තාක්ෂණය සහ මානසික සෞඛ්යය අතර සම්බන්ධය ගවේෂණය කරන Oxford ප්රවීණයන්ගේ පෙර පර්යේෂණ සමඟ සමපාත වන අතර, තාක්ෂණ භාවිතය ඍණාත්මක මනෝවිද්යාත්මක ප්රතිඵල සමඟ  කාලයත් සමඟ වැඩි වැඩියෙන් සම්බන්ධ වී නොමැති බව සොයා ගන්නා ලදී.

“අපගේ සොයාගැනීම් සමාජ මාධ්ය වටා ඇති විවාදය වඩාත් ආනුභවික පර්යේෂණ පදනම් කරා මෙහෙයවීමට උපකාරී විය යුතු ය. නවීන මාර්ගගත (online) වේදිකා ඒවායේ පරිශීලකයින්ට බලපාන්නේ කෙසේ ද, කවදා ද සහ ඇයි ද යන්න වඩා හොඳින් තීරණය කිරීමට නම් අපට ස්වාධීන විද්යාඥයින් සහ තාක්ෂණ කර්මාන්තය අතර වඩාත් විනිවිද පෙනෙන සහයෝගී පර්යේෂණ අවශ්ය වේ” යයි ආචාර්ය Vuorre නිගමනය කරයි.

සම්පූර්ණ අධ්‍යයනය රාජකීය සංගමයේ (Royal Society) වෙබ් අඩවියේ පළවෙයි

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *